Friday, October 21, 2011

ඇඩ් සෙන්ස් ගන්න ලේසිම ක්‍රමය( AdSense tipz and tricks 02)



ඔන්න අදත් ඉතින් ඇඩ් සෙන්ස් ගැන තමයි ලියන්න යන්නේ. කලින් ලිපියෙන් කියාගෙන ආපු ඒවා කන්ටිනිව් කරන්න තමයි තියෙන්නෙ සහ මේක තමයි ඇඩ් සෙන්ස් ෆෝ බිගිනර්ස් යටතේ එන අන්තිම ලිපිය(මේකත් එක්ක ඉතින් ලිපි 2 යි තියෙන්නේ :D) ඊට පස්සේ මම ඇඩ් සෙන්ස් Revenue Sharing Programs ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනව මොකද කිව්වොත් ඒව තමයි ඕනම කෙනෙකුට ඇඩ් සෙන්ස් ගැන වැඩි දුර ඉගෙන ගන්න, සාකච්චා කරන්න, විමර්ෂනය කරන්න, අත්දැකීම් බෙදා ගන්න සහ කොටින්ම කිව්වොත් ඇඩ් සෙන්ස් පට්ට ගහන්න තියෙන හොදම මූලාශ්‍ර. AdSense  Revenue Sharing Programs කියන්නේ ඇඩ් සෙන්ස් වල නවතම ප්‍රවනතාවය. මේ කිව්වේ මොකක්ද කියල අදහසක් නැත්නම් මේක බලන්න Web Answers

හොදයි එහෙනම් මාර්තෘකාව බහිමු,  

4.ඇඩ් සෙන්ස් යෙදූ වෙබ් පිටු වලට යන එන පිරිස(Traffic) ගෙන්වා ගන්නා ආකාරයන් සහ එසේ පැමිණෙන ඇතැම් අයගේ අනිසි ක්‍රියාකාර කම්(දැන හෝ නොදැන කරන) නිසා ඇතිවන ගැටලු.
දැනට ගූගල් ඇඩ් සෙන්ස් සම්බන්දව නොවිසදුනු සහ ඇඩ්වර්ටයිසර්, පබ්ලිෂර්, ගූගල් සමාගම යන 3 ගොල්ලන්ටම සාදාරණයක් ඉටු වෙන විදියට විසදගන්න අමාරුම ප්‍රස්නය තමයි මේ. 3 යි කිව්වට පාර්ශව 4 ක් ඉන්නව Web Site Visitors ල(ට්‍රැෆික් එක) එක්කම.

Saturday, September 17, 2011

ඇඩ් සෙන්ස් ගන්න ලේසිම ක්‍රමය( AdSense tipz and tricks 01)


ඔන්න සෑහෙන කාලෙකින් ආපහු බ්ලොගිය අප්ඩේට් කරන්න තමයි හදන්නේ. මේව ලිව්වට මොකද මේව කියවල ඒකෙන් ප්‍රයෝජන ගන්න උන් ඉන්නේ කීයෙන් කී දෙනාද මන්ද! ඒක කොහොම වුනත් මගේ ඇගිලි වල හිරි ඇර ගන්න මම මේක දිගටම කොටනව බොලව් :p අනාගතයේ මතුයම් දවසක මොකෙක් හරි මේකෙන් ප්‍රයෝජනයක් ගනීවිනේ :D හරි එහෙනම් මාතෘකාවට බහිමු. කලින් පෝස්ට් එකක මම තමන්ගෙම බොලොග් එකක් හරි, එහෙම නැත්නම් ටොප් ලෙවල් ඩොමේන් එක්ක වෙබ් සයිට් එකක් හරි නැතුව ඇඩ් සෙන්ස් ඇකව්න්ට් එකක් ගන්න ලේසිම සහ සාර්ථකම ක්‍රමයක් ගැන කිව්වනෙ. ඒත් මට ෆේස් බුකියේ සර්ෆ් කරන කොට තේරුනා ලංකාවෙ බුවාල අතර ඇඩ් සෙන්ස් ගැන කොච්චර මිත්යා මත තියෙනවද කියල. ඒක නිසා මට හිතුන ඇඩ් සෙන්ස් ගැන ෆුල් රී වීව් එකක් සිංහලෙන්ම කොටන්න, සමග ඇඩ් සෙන්ස් භාවිතයේදී කල යුතු සහ නොකල යුතු දේවල්.

Wednesday, July 13, 2011

Adsense New Project _-Web Answers-_ (Google Adsense වලින් උපයන්න පුලුවන් ඇඩ් දාලා විතරමද?!!)

මාස ගානකට පස්සෙ මේ පැත්තෙ එන්න හිතුන. සින්හල ටයිප් කරන එක නම් මර කට්ටක්. ෆයර් ෆොක්ස් අලුත් වර්ශන් එකට කිසිම ප්ලග්-ඉන් එකක් තාම නෑ නෙ :( ඒත් ඉතින් මේක කාටත් වටින ලිපියක් වෙයි කියල හිතුන නිසා කොහොම හරි කොටන්න ඕන කියල හිතුන.


ගූගල් කියන්නේ අපිට හැමදාම අලුත් දෙයක් දෙන කස්ටියක් නේ. මේකත් එයාලගේ අලුත්ම වැඩක්. හරියටම කිවුවොත් ගූගල් ඇඩ් සෙන්ස් එක්ක තමයි මේක වැඩ කරන්නේ. ඒ වගේම හරිම ජොලි වැඩේ, සරලවම කිව්වොත් Q&A = $. ගොඩක් අය දන්නවනේ discussion forums ගැන. මේක අලුත්ම තාලේ discussion forum එකක්.

Tuesday, April 26, 2011

(resume corrupt downloads using split and join P_1)කලකට පස්සේ වෙලකට බැස්සේ...

මගේ පල​මුවෙනි බ්ලොග් ලිපියෙන් පස්සේ මේ පැත්තෙ ආවේ 6 මාසයකට විතර පස්සේ. සරලවම හේතුව තමයි පදින්චිය (හිටිය දිහාව :D) වෙනස් වීමත් සමග අන්තර්ජාල සම්බන්ධය බිද වැටීම. හැමෝගෙන්ම සමාව ඉල්ලන ගමන්ම මම ​දෙවැනි ලිපිය ලියන්න පටාන් ගන්න​වා ඕන්. ඉතින් මම මුලින්ම පොඩි වැඩ කෑල්ලක් කියලා දෙන්නම්කෝ. 
මේක ගොඩක් වැදගත් වෙන්නේ ​ඔය එව්වා මෙව්වා ටොරෙන්ට්ස් වලින් ඩවුන්ලෝඩ් කරන්න කම්මැලි වගේ හිතෙන ඩයල්-අප් කනෙක්ෂන් තියෙන Mediafire, Rapidshare වගේ එව්වලින් ඩව්න්ලෝඩ් කරන්න කැමති අයට.