Monday, December 17, 2012

හච් කපල් වාසියෙන් උපරිම වාසි ලබා ගමුද?



කොච්චර කාලෙකින්ද මම ආයෙත් බ්ලොග් එක ලියන්න ගත්තෙ කියල මට මතක නෑ. සමහර විට අවුරුද්දක් දෙකක්... ඊටත් වැඩිද මන්ද. අද ටිකක් ඔහේලටත් වැදගත් වෙයි කියල හිතුන දෙයක් සිද්ද වෙච්චි නිසා තමයි මේක ලියන්න හිතුනෙ. අහම්බෙන් වගේ වුනු සිදුවීමක් වුනත් නියම වැඩේ කියල තේරුන පස්සෙ. හරි හරි බයිල ඕන නෑනේ කෙලින්ම කියන්නම් වැඩේ මොකක්ද කියල. 

අපි හැමෝටම හරිම වැදගත් හොද අන්තර්ජාල සම්බන්ධතාවයක් කියන දේ. කව්ද මන්ද කියල තිබුන ඒක මූලික මානව අයිතිවාසිකම් අතරට එකතු කරන්න ඕනෙයි කියල (කව්ද කිව්වෙ කියල නම් මතක නෑ දැන්). හොද අන්තර්ජාල සබදතාවයක් කියන්නෙ ඉතින් හොද 3ජී කවරේජ් එකක් තියන, ස්පීඩ් එක චාටර් වෙන්නෙ නැති, අඩු මුදලට ජීබී ගොඩක් දෙන කනෙක්ෂන්නේ. ඉතින් එහෙම එකක් ලංකාවෙ නම් නෑ. ඒත් ඒ වගේ එකක් මේ ලගදි ඉදන් තියෙනව. (කලින් ඉදන් තිබුන, ඒත් ඔයි කිව්ව වගේ වුනේ මේ ලගදි). ඒ තමයි Hutch(හච්) ( මේ ඉතින් හච් ප්‍රමෝට් කරන්ට හදනව නෙමෙයි. කාට කාටත් හොද ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ලැබේවා කියන පරම පිවිතුරු චේතනාවෙන් තමයි මේක කොටන්නෙ) හරි දැන් බලමු කොහොමද හච් ලාබ වෙන්නෙ කියල,