Friday, December 10, 2010

ආයුබෝවන්!!! අවසරයි බ්ලොග් අවකාශයට...

පලමුවෙන්ම මම බ්ලොග් අවකාශයේ සිංහලෙන් බ්ලොග් ලියන සොයුරු සොයුරියන් සියලු දෙනාටම ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද මම මීට කලින් සිංහල බ්ලොග් අඩවියක් දැකලා තිබුනේ නැත්නම් කවදාවත් ඒ ගැන නොහිතන්න තිබුනා. අනේ මන්දා. මම මේක ලියනවද කියල මටම ෂුවර් නෑ. කොහොම වුනත් මේක මම ලියන පලවෙනි බ්ලොග් පෝස්ට් එක කිව්වොත් හරියටම හරි. බ්ලොග් කියව කියව හිටිය මිසක් බ්ලොග් එකක් ලියන්න නම් ඒ හැටි අසාවක් තිබුනෙත් නෑ. ඒත් අද හිතුනා නිකමට වගේ බ්ලොග් එකක් ලියන්න ඕන කියලා. මීට වඩා නම් කියන්න දෙයක් නෑ. තවම පොඩි පොඩි අවුල් ටිකකුත් තියෙනවා. ඒවත් හදාගෙනම ඊළඟ ලිපිය ලියන්නම්කො. ලිපිය කියවූ ඔබට ස්තූතියි.