Saturday, September 17, 2011

ඇඩ් සෙන්ස් ගන්න ලේසිම ක්‍රමය( AdSense tipz and tricks 01)


ඔන්න සෑහෙන කාලෙකින් ආපහු බ්ලොගිය අප්ඩේට් කරන්න තමයි හදන්නේ. මේව ලිව්වට මොකද මේව කියවල ඒකෙන් ප්‍රයෝජන ගන්න උන් ඉන්නේ කීයෙන් කී දෙනාද මන්ද! ඒක කොහොම වුනත් මගේ ඇගිලි වල හිරි ඇර ගන්න මම මේක දිගටම කොටනව බොලව් :p අනාගතයේ මතුයම් දවසක මොකෙක් හරි මේකෙන් ප්‍රයෝජනයක් ගනීවිනේ :D හරි එහෙනම් මාතෘකාවට බහිමු. කලින් පෝස්ට් එකක මම තමන්ගෙම බොලොග් එකක් හරි, එහෙම නැත්නම් ටොප් ලෙවල් ඩොමේන් එක්ක වෙබ් සයිට් එකක් හරි නැතුව ඇඩ් සෙන්ස් ඇකව්න්ට් එකක් ගන්න ලේසිම සහ සාර්ථකම ක්‍රමයක් ගැන කිව්වනෙ. ඒත් මට ෆේස් බුකියේ සර්ෆ් කරන කොට තේරුනා ලංකාවෙ බුවාල අතර ඇඩ් සෙන්ස් ගැන කොච්චර මිත්යා මත තියෙනවද කියල. ඒක නිසා මට හිතුන ඇඩ් සෙන්ස් ගැන ෆුල් රී වීව් එකක් සිංහලෙන්ම කොටන්න, සමග ඇඩ් සෙන්ස් භාවිතයේදී කල යුතු සහ නොකල යුතු දේවල්.


මුලින්ම අපේ උන් අතර ඇඩ් සෙන්ස් ගැන තිබෙන මිත්යා මත කීපයක් සහ එහි සත්‍ය ස්වභාවය සැකෙවින් විමසා බලමු(වචන බර වැඩිද මන්ද!) 

  1. ඇඩ් සෙන්ස් ගැනීමට ටොප් ලෙවල් ඩොමේනයක් අනිවාර්ය වේ.(.com .net .biz ආදී වශයෙන්)
   මෙහි කිසිදු සත්‍යතාවයක් නැත. සබ් ඩොමේනයක් භාවිතයෙන් වුවද ඕනෑම අයෙකුට ඇඩ් සෙන්ස් ගිනුමක් සදහා අයදුම් කල හැක(yoursite.blogspot.com ආදී වශයෙන්). අවශ්‍යතාවය වන්නේ තමා ඉල්ලුම් කරන වෙබ් අඩවිය ඇඩ් සෙන්ස් නීති රීති හා ගැලපෙන ලෙස සකස් කර තිබීම පමනි. ඒ සදහා ඩොමේනයෙන් කිසිදු බලපෑමක් එල්ල නොවේ.

2. ලංකාව වැනි තවමත් ආශ්චර්ය සොයා යන රට වල උන්ට ඇඩ් සෙන්ස් ගිනුම් වලට ඇප්ලයි කල නොහැකිය
   මෙහිද කිසිදු සත්‍යතාවක් නොමැති අතර පෘතුවිය තුල ඇති ඕනෑම රාජ්ජයක පුරවැසියෙකුට ඇඩ් සෙන්ස් සදහා ඇප්ලයි කල හැකිය. එහෙත් ශ්‍රී ලංකාව වැනි රට වල සිටින බහුතරයක් බුවාලගේ අවන්කකම හොද හැටියට තේරුම් ගෙන ඇති ගූගල් සමාගම සුලු අතපසු වීමකදී වුවද දෙවරක් නොසිතාම අපේ බුවාලගේ ඇඩ් සෙන්ස් ගිනුම් අවසන් ගමන් යැවීමට නොපැකිලෙයි :( තවද සිංහල යුනිකෝඩ් සමග තවමත් ඇඩ් සෙන්ස් ක්‍රියාත්මක නොවන නිසා සිංහල යුනිකෝඩ් ඇති වෙබ් අඩවි වලට ඇඩ් සෙන්ස් යෙදීම සහ එවැනි වෙබ් අඩවි යොදාගෙන ඇඩ්සෙන්ස් වලට ඇප්ලයි නොකල යුතුය. සිංහල අකුරු ටයිප් කර නිර්මාණය කල පික්චර්ස් මේ සදහා ප්‍රස්නයක් නොවේ. එවැනි පික්චර වල ඕල්ට් එක ඉංග්‍රීසියෙන් තැබීම හොදය. හරියට වල් කතා වෙබ් අඩවියේ කරනව වගේ :ඩී (මේ ටික තේරුනේ නැති අය ඒ ගැන වැඩිය හිතන්න එපා) 
3.ඉංග්‍රීසියෙන් ලියු ඕනෑම මගුලක් ඇති වෙබ් අඩවි වලට ඇඩ් සෙන්ස් යොදා ගත හැකිය.
    මේක ගැන කතා කරද්දි මේ ටිකත් දැන ගන්න ඕන. ගූගල් සමාගම ඇඩ් සෙන්ස් තුලින් ප්‍රදර්ශනය කිරීමට දැන්වීම් ලබා දෙන අයගේ(මේ අයට Advertiser ලා කිව්වොත් හරි) මුදල් වල සුරක්ෂිතභාවය තහවුරු කිරීමට තදින්ම බැදී සිටිනව(ගූගල් සමාගම AdSense වලට දැන්වීම් ලබා ගන්නේ Adword කියන campaign එක මාර්ගයෙන්, ඒ ගැන පසුව වෙනත් ලිපියකින් කතා කිරීමට බලා පොරොත්තු වෙනව). අනවශ්‍ය ලෙස නිකරුනේ කරන ව්‍යාජ ක්ලික් කිරීම් වලින් තම පාරිභෝගිකයා(Advertiser ) බේරා ගැනීමට ඔවුන් බැදී සිටිනව කිව්වොත් හරියටම හරි. එසේ ලබා ගත් දැන්වීම් තම වෙබ් අඩවිය තුලින් ප්‍රදර්ශනය කරන්නා(Publisher, මේ කියන්නේ අපේ වෙබ් අඩවියට ඇඩ් සෙන්ස් ගන්න යන අපි වගේ බුවාල ගැන) ගැන ගූගල් සමාගම සිතන්නේ ඉන් පසුවයි. මොකද කිව්වොත් ඇඩ්වර්ටයිසර්ලගෙන් ලැබෙන ආදායමෙන් තමයි ගූගල් සමාගම නඩත්තු වෙන්නේ. ඉතින් ගූගල් ඇඩ් සෙන්ස් පබ්ලිසර් කෙනෙක් තෝර ගනිද්දි ඔහුගේ වෙබ් අඩවියේ අන්තර්ගතය ගැන තදින්ම සැලකිලිමත් වෙනව. ඒ කියන්නේ මෙන්න මේ වගේ දේවල්, 
*වෙනත් වෙබ් අඩවි වලින් කොපි කර ගත් අන්තර්ගතයන් සහිත වීම ඇඩ් සෙන්ස් තදින්ම ප්‍රතික්ෂේප කරයි
*ඉංග්‍රීසි සහ තවත් ඇඩ් සෙන්ස් සහය දක්වන අල්පයක් වූ භාෂාවන් හැරුනුකොට සිංහල වැනි ඇඩ් සෙන්ස් සහය නොදක්වන යුනිකෝඩ් සහිත අඩවි ඇඩ් සෙන්ස් තුල ප්‍රතික්ෂේප වේ.
*අනවශ්‍ය ලෙස සහ කරදරකාරී ලෙස දැන්වීම් මතු වන පරිදි සකස් කර ඇති වෙබ් අඩවි ප්‍රතික්ෂේප වේ.උදාහරණ  ලෙස PTC  referral links, banner  හැදින්විය හැක.
*ප්‍රමාණවත් පරිදි ට්‍රැෆික් තිබීම. මෙයින් අදහස් කරන්නේ සැලකිය යුතු පරිශීලකයින් සංඛ්‍යාවක් වෙබ් අඩවිය නිරතුරුවම භාවිත කල යුතු බවයි. මෙසේ පරිශීලකයින් සංඛ්‍යාව වැඩි කර ගැනීමට නොයෙක් උපක්‍රම භාවිත කල හැක, එසේ කල හැකි සරල උපක්‍රම කීපයක් වෙනත් ලිපියකින් සාකච්ඡා කරමු. 



 
අදට ඔය මදැයි. ඇඩ් සෙන්ස් ගැන ඔබ දන්නා නොදන්නා දේවල් ඉදිරි ලිපි තුලින් බලාපොරොත්තු වන්න. එනි කුවෙක්ෂන් හෝ ඇඩ් සෙන්ස් ගැන ඔබ දන්නා ටිප්ස් ඇන්ඩ් ටිරික්ස් ඇත්නම් කොමෙන්ට් තුලින් බෙදා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි :) 

10 comments:

  1. අඩේ සුපිරි ඒත් ඔය එක සුදුසු කමක්වත් මගේ බ්ලොග් එකේ නැහැ ඇඩෙනවා අප්පා.

    ReplyDelete
  2. නිකමා - බොහොම ස්තුති. ඔබේ අදහස් දැක්වීම මට ගොඩක් වටිනව. මචං මුලින්ම ඇඩ් සෙන්ස් පටන් ගන්න කෙනෙකුට බ්ලොග් එකකට වඩා ලේසියෙන්ම ඇඩ් සෙන්ස් ගන්න පුලුවන් ක්‍රමයක් පිළිබදව කලින් ලිපියක ලිව්වා :)

    ReplyDelete
  3. දිගටම ලියපන් මචන්.....good wade

    ReplyDelete
  4. කසුන් - මේ බ්ලොග් එක දිගටම ලියන්න මට ලැබෙන ප්‍රධානතම උත්තේජකය තමයි ඔබලාගේ අදහස් දැක්වීම. බොහොම ස්තූති.

    ReplyDelete
  5. යාළුවා මේ ලිපිය ගොඩක් වැදගත්. මමත් බ්ලොග් එකක් හදලා තියෙනවා. නමුත් සිංහලෙන්. මොනවා කරන්නද ඒවට මේක ඔරොත්තු දෙන්නේ නෑනේ. :[ මේවගේ බ්ලොග් තවත් දාපන්

    ReplyDelete
  6. THILINA BANDARA JAYAWARDANA - බොහොම ස්තූති ඔබේ අදහස් දැක්වීමට

    ReplyDelete
  7. යාලු සිංහල ඩොක් තිබිල ඉංගිලිස් ඩොකුත් ටිකක් වැඩිපුර තිබුනත් දෙන්නෙ නැද්ද /

    ReplyDelete
  8. යාලු සිංහල ඩොක් තිබිල ඉංගිලිස් ඩොකුත් ටිකක් වැඩිපුර තිබුනත් දෙන්නෙ නැද්ද /

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. එල මචං ගොඩක් දේවල් ඉගනගත්ත ජය වේවා.!

    ReplyDelete

ලිපිය පිළිබඳ ඔබගේ අදහස දක්වන්න(leave your comments)..