Friday, October 21, 2011

ඇඩ් සෙන්ස් ගන්න ලේසිම ක්‍රමය( AdSense tipz and tricks 02)



ඔන්න අදත් ඉතින් ඇඩ් සෙන්ස් ගැන තමයි ලියන්න යන්නේ. කලින් ලිපියෙන් කියාගෙන ආපු ඒවා කන්ටිනිව් කරන්න තමයි තියෙන්නෙ සහ මේක තමයි ඇඩ් සෙන්ස් ෆෝ බිගිනර්ස් යටතේ එන අන්තිම ලිපිය(මේකත් එක්ක ඉතින් ලිපි 2 යි තියෙන්නේ :D) ඊට පස්සේ මම ඇඩ් සෙන්ස් Revenue Sharing Programs ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනව මොකද කිව්වොත් ඒව තමයි ඕනම කෙනෙකුට ඇඩ් සෙන්ස් ගැන වැඩි දුර ඉගෙන ගන්න, සාකච්චා කරන්න, විමර්ෂනය කරන්න, අත්දැකීම් බෙදා ගන්න සහ කොටින්ම කිව්වොත් ඇඩ් සෙන්ස් පට්ට ගහන්න තියෙන හොදම මූලාශ්‍ර. AdSense  Revenue Sharing Programs කියන්නේ ඇඩ් සෙන්ස් වල නවතම ප්‍රවනතාවය. මේ කිව්වේ මොකක්ද කියල අදහසක් නැත්නම් මේක බලන්න Web Answers

හොදයි එහෙනම් මාර්තෘකාව බහිමු,  

4.ඇඩ් සෙන්ස් යෙදූ වෙබ් පිටු වලට යන එන පිරිස(Traffic) ගෙන්වා ගන්නා ආකාරයන් සහ එසේ පැමිණෙන ඇතැම් අයගේ අනිසි ක්‍රියාකාර කම්(දැන හෝ නොදැන කරන) නිසා ඇතිවන ගැටලු.
දැනට ගූගල් ඇඩ් සෙන්ස් සම්බන්දව නොවිසදුනු සහ ඇඩ්වර්ටයිසර්, පබ්ලිෂර්, ගූගල් සමාගම යන 3 ගොල්ලන්ටම සාදාරණයක් ඉටු වෙන විදියට විසදගන්න අමාරුම ප්‍රස්නය තමයි මේ. 3 යි කිව්වට පාර්ශව 4 ක් ඉන්නව Web Site Visitors ල(ට්‍රැෆික් එක) එක්කම.

දැන් මේක මොකක්ද කියල බලමු. ඇඩ් සෙන්ස් කියන්නේ PPC(Paid Per Click) පදනම යටතේ ක්‍රියාත්මක වන වැඩ සටහනක්. ඒ කියන්නේ දැන්වීම් පල කරන්නා(Advertiser- Adword Campaign එක හරහා තමන්ගේ දැන්වීම් AdSense තුල පල කිරීමට ලබා දෙන පිරිස) තමන් ලබා දුන් දැන්වීම් මත සිදුවන ක්ලික් කිරීම් ප්‍රමාණයට පබ්ලිසර්ට මුදල් ගෙවනව කියන පදනම මත ක්‍රියාත්මක වන වැඩ සටහනක්. (Publiser- ඇඩ් සෙන්ස් තුලින් ලබා ගන්නා දෑ වෙබ් පිටු තුල ප්‍රදර්ශනය කරන අපි වගේ බුවාල) එතකොට මෙවැනි ක්ලික් කිරීම් තුලින් තමන්ගේ වෙබ් අඩවියට පිවිසෙන පිරිස සත්‍ය වශයෙන්ම තමාගේ වෙබ් අඩවියේ ඇති විෂය පිළිබදව උනන්දු පිරිසක් කියන එක තමයි Advertiser ගෙ අරමුණ. ඒත් පබ්ලිසර් කෙනෙක් හැම වෙලාවකම හිතන්නෙ තමන්ගෙ දැන්වීම මත වැඩි පිරිසක්(එම දැන්වීම් පිලිබදව සත්‍ය වශයෙන්ම උන්දු වන හෝ එසේ නොවන) ක්ලික් දමන විට එයින් ඇතිවන වාසිය පිලිබදව. ඉතින් මේ දෙපාර්ශවයටම සාදාරණයක් කරන්න විශේෂ උපක්‍රම ඇඩ් සෙන්ස් තුල තියෙනව,
01.Key Word යොදා ගැනීම - යම් වෙබ් අඩවි පරිශීලකයෙක් ගුවන් ගමන් ගැන විස්තර ලබා ගැනීමට වෙබ් අඩවියකට පිවිසුනේ නම් ඔහුට/ඇයට බොහෝ දුරට ගුවන් ගමන් යන විෂයට අදාලව දැන්වීම් ප්‍රදර්ශනය කිරීම. සර්ච් එන්ජින් රිසල්ට් තුල ඉහලට ඒමේ අරමුණින් වෙබ් අඩවියේ අන්තර්ගතයට පරිබාහිර කී වර්ඩ් යොදා ගැනීම ඇඩ් සෙන්ස් තුල ප්‍රතික්ෂේප වෙයි.
02.Backlinks කල හැකි ආකාරය - උදාහරණයක් විදියට අපි ෆේස් බුක් එකේ හෝ ටුවිටර් වල අපේ බ්ලොග් ලින්ක් එක ෂෙයාර් කිරීම ඇඩ් සෙන්ස් වලංගු බැක් ලින්ක් කිරීමක්. ඒත් PTC(Paid To Click- මේක ගැන දන්නේ නැත්නම් වැඩිය හිතන්න එපා) සහ ලින්ක් එක්ස්චේන්ජ් වගේ තැන් වල ලින්ක් කිරීම ඇඩ් සෙන්ස් ප්‍රතික්ෂේප කරයි. 
03.අනවශ්‍ය ඉල්ලීම් හා උත්තේජන වැලැක්වීම - වෙබ් අඩවිය තුල ප්‍රදර්ශනය වන දැන්වීම් නරඔන ලෙස අඩවි පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටීම හෝ එසේ කිරීමට උත්තේජ ලබා දීම ඇඩ් සෙන්ස් තුල ප්‍රතික්ෂේප වෙයි.  
04.තමන්ගේම දැන්වීම් මත ක්ලික් කිරීම සහ වෙනත් අයට එසේ කරන ලෙසට උපදෙස් දීම ප්‍රතික්ෂේප වෙයි. මෙවැනි ක්‍රියා සිදුවේ දැයි ඇඩ් සෙන්ස් නිතරම පරීක්ෂාකාරී වෙයි. එහෙත් මෙය පරීක්ෂා කරන ආකාරය ඉතාම මතබේදකාරී වෙයි.
05.ඇඩ් සෙන්ස් ඇඩ් මත නිකරුනේ ක්ලික් දමන්නන් පිලිබද ඇඩ් සෙන්ස් සැලකිලිමත් වෙයි. IP Address Mark කිරීම හරහා මෙය සිදු කරයි. තමන්ගේම වෙබ් අඩවියකට ඇඩ් සෙන්ස් යොදා ගන්නන් හට මෙය සිදු කිරීමට වෙබ් මාස්ටර් ටූල්ස් පිලිබද යම් දැනුමක් තිබිය යුතුය. පබ්ලිසර් කෙනෙකුගේ ගිනුමක් නිකරුනේ අවසන් ගමන් යැවීම මෙයින් යම් තාක් දුරට වැලකෙයි. මෙය 4 වන පාර්ශවය හෙවත් වෙබ් අඩවි පරිශිලකයින් මගින් එල්ල වන බලපෑමකි.

ඔන්න එහෙනම් ඇඩ් සෙන්ස් ගැන කියල ඉවරයි. මේ වගේ ගොඩක් ප්‍රශ්න වලට මූන දෙන්න වෙන්නේ තමන්ගේම වෙබ් අඩවියක ඇඩ් සෙන්ස් කරන්න යද්දි සහ තමන්ගේම අඩවියක ඇඩ් සෙන්ස් කරනව නම් SEO කියන මාර්තුකාව ගැනත් යම් දැනුමක් තියෙන්න ඕන. එහෙනම් මේ සියලු බාධක මැඩ ගෙන ගිහින් සාර්ථකව ඇඩ් සෙන්ස් කරන්න කට්ටියටම ගුඩ් ලක් වේවා. ලිපිය පිලිබද අදහස් දක්වන්න අමතක කරන්න එපා. ඒක බොහොම වැදගත් :)   

ඇඩ් සෙන්ස් ගැන වැඩි දුරටත් දැන ගන්න කැමති කට්ටිය අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ බ්ලොග් අඩවිය හා සම්බන්ධ වන්න.. 

3 comments:

ලිපිය පිළිබඳ ඔබගේ අදහස දක්වන්න(leave your comments)..