Saturday, September 17, 2011

ඇඩ් සෙන්ස් ගන්න ලේසිම ක්‍රමය( AdSense tipz and tricks 01)


ඔන්න සෑහෙන කාලෙකින් ආපහු බ්ලොගිය අප්ඩේට් කරන්න තමයි හදන්නේ. මේව ලිව්වට මොකද මේව කියවල ඒකෙන් ප්‍රයෝජන ගන්න උන් ඉන්නේ කීයෙන් කී දෙනාද මන්ද! ඒක කොහොම වුනත් මගේ ඇගිලි වල හිරි ඇර ගන්න මම මේක දිගටම කොටනව බොලව් :p අනාගතයේ මතුයම් දවසක මොකෙක් හරි මේකෙන් ප්‍රයෝජනයක් ගනීවිනේ :D හරි එහෙනම් මාතෘකාවට බහිමු. කලින් පෝස්ට් එකක මම තමන්ගෙම බොලොග් එකක් හරි, එහෙම නැත්නම් ටොප් ලෙවල් ඩොමේන් එක්ක වෙබ් සයිට් එකක් හරි නැතුව ඇඩ් සෙන්ස් ඇකව්න්ට් එකක් ගන්න ලේසිම සහ සාර්ථකම ක්‍රමයක් ගැන කිව්වනෙ. ඒත් මට ෆේස් බුකියේ සර්ෆ් කරන කොට තේරුනා ලංකාවෙ බුවාල අතර ඇඩ් සෙන්ස් ගැන කොච්චර මිත්යා මත තියෙනවද කියල. ඒක නිසා මට හිතුන ඇඩ් සෙන්ස් ගැන ෆුල් රී වීව් එකක් සිංහලෙන්ම කොටන්න, සමග ඇඩ් සෙන්ස් භාවිතයේදී කල යුතු සහ නොකල යුතු දේවල්.