Monday, December 17, 2012

හච් කපල් වාසියෙන් උපරිම වාසි ලබා ගමුද?



කොච්චර කාලෙකින්ද මම ආයෙත් බ්ලොග් එක ලියන්න ගත්තෙ කියල මට මතක නෑ. සමහර විට අවුරුද්දක් දෙකක්... ඊටත් වැඩිද මන්ද. අද ටිකක් ඔහේලටත් වැදගත් වෙයි කියල හිතුන දෙයක් සිද්ද වෙච්චි නිසා තමයි මේක ලියන්න හිතුනෙ. අහම්බෙන් වගේ වුනු සිදුවීමක් වුනත් නියම වැඩේ කියල තේරුන පස්සෙ. හරි හරි බයිල ඕන නෑනේ කෙලින්ම කියන්නම් වැඩේ මොකක්ද කියල. 

අපි හැමෝටම හරිම වැදගත් හොද අන්තර්ජාල සම්බන්ධතාවයක් කියන දේ. කව්ද මන්ද කියල තිබුන ඒක මූලික මානව අයිතිවාසිකම් අතරට එකතු කරන්න ඕනෙයි කියල (කව්ද කිව්වෙ කියල නම් මතක නෑ දැන්). හොද අන්තර්ජාල සබදතාවයක් කියන්නෙ ඉතින් හොද 3ජී කවරේජ් එකක් තියන, ස්පීඩ් එක චාටර් වෙන්නෙ නැති, අඩු මුදලට ජීබී ගොඩක් දෙන කනෙක්ෂන්නේ. ඉතින් එහෙම එකක් ලංකාවෙ නම් නෑ. ඒත් ඒ වගේ එකක් මේ ලගදි ඉදන් තියෙනව. (කලින් ඉදන් තිබුන, ඒත් ඔයි කිව්ව වගේ වුනේ මේ ලගදි). ඒ තමයි Hutch(හච්) ( මේ ඉතින් හච් ප්‍රමෝට් කරන්ට හදනව නෙමෙයි. කාට කාටත් හොද ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ලැබේවා කියන පරම පිවිතුරු චේතනාවෙන් තමයි මේක කොටන්නෙ) හරි දැන් බලමු කොහොමද හච් ලාබ වෙන්නෙ කියල,


 මේකට මුලින්ම ඕන හච් කපල් වාසිය ඇක්ටිව් කරපු සිම් එකක්. එහෙම එකක් නැත්නම් ඕනම හච් ආර්කේඩ් එකකට ගිහින් 198 ක් දීල හච් කපල් වාසියක් ගන්න. (ගොඩක් කොමියුනිකේෂන් වලත් තියෙනව) ඉතින් ඔයාලට සිම් එක ගන්නකොටම රු.40 ක් එකව්න්ට් බැලන්ස් එකට යනව(එකව්න්ට් බැලන්ස් එකට බෝනස් බැලන්ස් එකට නෙමෙයි. ඒ කියන්නෙ මේක යූස් කරල ආයෙමත් පැකේජ් එකක් හරි ඇක්ටිව් කර ගන්න පුලුවන්) ඒත් එක්කම 1ජීබී ඩේටා බන්ඩල් එහෙකුත් ලැබෙනව. ඒක ඉවර වුනාම ආයෙමත් 198 ක් රීලෝඩ් කරාම මේ පැකේජ් එකම ඇක්ටිව් වෙනව. මේක දින 30 ක් සදහා වලංගුයි. 

හරි මේක ගොඩක් අය දන්න සිද්දියක් නේ. නොදන්න අයටත් දැන ගන්න තමයි මුලු විස්තරේම දැම්මේ. දැන් බලමු කපල් වාසියෙන් උපරිම වාසි ගන්නෙ කොහොමද කියල. මං කිව්වනේ මේක අහම්බෙන් වුන සිදු වීමක් කියල. මම 198 ක් රීලෝඩ් කරන්න කියල කිව්වම කොමියුනිකේෂන් එකේ හිටිය ඇන්ටි 199 ක් නෙ දාල තියෙන්නෙ. අපොයි මේක අම්මට කිව්වොත් බැනුම් අහන්න වෙනව. කමක් නෑ මොනව කරන්නද, අම්මට කිව්ව සීන් එක. අවුලක් නෑ ආයෙත් සල්ලි දුන්න.(ඔව් ඉතින් මගේ නෙමෙයිනෙ වැරුද්ද :පී) ආයෙත් ගියා කඩේට‍, මෙන්න බොලේ රීලෝඩ් පොතත් දිග ඇරල තියෙනව මගේ නම්බර් එක්ත් ලියල ඒක ඉස්සරහින් 198 කියලත් ලියල(ඒ තියාගෙන තමයි 199 දාලෙ :ඕ කොහෙම උනත් කොල්ලගෙ වෙලාවට තමයි 199ක් දාල තියෙන්නෙ. ) කඩේ කස්ටියට සීන් එකත් කියල මේ පාර නම් 198 ක්ම දාන්න කියල මම ගෙදර ආව. ( රු. 200 ඉතුරු වලට මොකද උනේ කියලනෙ උබල ඇහුවෙ. මම ගත්තෙ නෑ බොලව්. ඇන්ටි හරි අංකල් හරි ඉන්න වෙලාවට ඒක ලයිට් බිල් ගෙවන්න තියා ගන්නව. කෙල්ලො දෙන්නා හිටියොත් ඒකට ටොෆි දෙකක් දෙනව :පී) 

ඔන්න කොහොම හරි මේ පාර නම් වැඩේ හරි. 1ජීබී + රු.40 ඇක්ටිව් උනා. ආ ඊට කලින් 199 දාපුවම මොකද උනේ කියල කින්න අමතක උනානේ. 199 ක් රීලෝඩ් කරාම රු.199 ටු එකව්න්ට් බැලන්ස් ඇන්ඩ් 101 ටු බෝනස් ටෝල්ක් ටයිම් ලැබෙනව. දැන් එතකොට මගේ එකව්න්ට් බැලන්ස් කීයද දැන්? 199 + 40 =  239 යි නෙ. අපොයි මෙච්චර එකව්න්ට් බැලන්ස් එකක් මොකටද මට. මොකෝ මල් කඩනව කියලද! අපි තාම සිංගල් නේ :ඩී ඔන්න ඔය වෙලාවෙ තමයි මගේ ටිකිරි මොලේට හච් ඕෆ් පීක් පෑලෑන්ස් ගැන මතක් උනේ. (*131# ගහල පැකේජස් ගැන විස්තර බලා ගන්න පුලුවං.) 

හරි මුලින්ම 4 ජීබී ඕෆ් පීක් එක ඇක්ටිව් කරා. ඒකෙ විස්තර ,

4GB Midnight Pack
Get 4GB from Midnight to 6.00 AM + Rs. 100 Reload that can be used throughout any time of the day. In addition your standard Internet rate will reduce to 20 cents per MB.

  • Reload Rs. 175 to activate the 4GB Midnight Pack
  • Valid for 15 days
  • *Download speed upto 1Mbps
දැන් මගේ එකව්න්ට් බැලන්ස් එක ,

239 - 175 =  64 යි නෙ ඒකට රු.100 ක් එකතු වෙන්න ඕනි.(ඇයි රු.100 ක රීලෝඩ් එකකුත් එනව නේ)
දැන් කීයද? 64 + 100 = 164 යි නේ. ඒ කියන්නේ 4 ජීබී ඕෆ් පීක් එක ඇක්ටිව් කරාට පස්සෙ මගේ දැන් එකව්න්ට් බැලන්ස් එක 164 යි.

ඊට පස්සෙ ආයෙමත් 2 ජීබී ඕෆ් පීක් එක ඇක්ටිව් කරන්න,

2GB Midnight Pack
Get 2GB from Midnight to 6.00 AM + Rs. 40 Reload that can be used throughout any time of the day. In addition your standard Internet rate will reduce to 20 cents per MB.

  • Reload Rs. 75 to activate the 2GB Midnight Pack
  • Valid for 7 days
  • *Download speed upto 1Mbps
http://www.hutch.lk/broadband/midnight_pack

මේක ඇක්ටිව් කරාම දැන් එකව්න්ට් බැලන්ස් එක කීයද? 164 - 75 =  89 එක්ට එකතු වෙනව 40 ක්
89 + 40 = 129 යි.

දැන් දිගටම ඕෆ් පීක් 2ජීබී පැකේප් එක ඇක්ටිව් කරන්න. මේ විදියට 10ජීබී වෙනකම් හෙලට ඕෆ් පීක් ඩෙටා ගන්න පුලුවන්.( 4ජීබී + 2ජීබී + 2ජීබී + 2ජීබී) එහෙම 10ජීබී ගත්තට පස්සෙත් ඔයාලගෙ එකව්න්ට් බැලන්ස් එකේ රු. 59 ක් ඉතුරු වෙනව. බෝනස් ටෝල්ක් ටයිම් රු.101 ක්, 1ජීබී එනි ටයිම් ඩේටා හා ෆ්‍රී හච් ටු හච් කෙටි පණිවිඩ කීයක්ද මංද ලැබෙනව. ඒක හරියට මතක නෑ.

දැන් ඔයාලගේ එකව්න්ට් ඩීටේයිල්ස් බලා ගන්න bal type karala 344 සෙන්ඩ් කරන්න.

මෙන්න මගේ,

Number: +344
Content:
A/C Bal Rs 59, Bonus 02 Rs 101 Ex 16/01/13, SMS Pack SMS 100, FREE Internet 968.608 MB Ex 15/01/13, Data - Off peak 10240 MB Ex 30/12/12


මේක ඔය ෆිල්ම්ස් බාන ටියුටෝරියල් බාන කස්ටියට ගොඩක් වැදගත් වෙයි. මොකද මේ සේරෝටම අපිට වැය වුනේ රු 199+198=397 ක් විතරයි. 

* වැදගත් - ඕෆ් පීක් ඩේටා පෑලෑන්ස් වලංගු වන්නේ මධ්‍යම රාත්‍රියේ සිට අලුයම 6 දක්වා පමණි. මේවා උපරිම දින 15 ක් ඇතුලත කල් ඉකුත් වන බැවින් එයට පෙර ඔබගේ සියලුම ඩේටා බාවිතා කිරීමට උත්සුක වන්න(වැල හරි බාපල්ලා :පී)

හොදයිය වැදගත්ය කියල හිතුන නම් කමෙන්ට් එකක් දාල යන්න. බල කිරීමක් නැත. කුණුහරුප හැර සියලුම ආකාරයේ අපහාස උපහාසද සතුටු සිතින් බාර ගනු ලැබේ. 

එහෙනම් හැපි සර්ෆින්. හැමෝටම ජයෙන් ජය!

12 comments:

  1. Adow patta pata pata ban.Thanks a Lot machan.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මචං මේ පැත්තෙ ආවට‍..

      Delete
  2. මචං දැං 198 සීන් එක වැඩද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් වැඩ මචං තාම. ඒත් කපල් වාසි පැකේජ් එකක් තියෙන්න ඕන(කපල් පැකේජ් එක නෙමෙයි) දැන් ලේට් නයිට් පැකේජස් වෙනස් කරල. දැන් තියෙන එක පාඩුයි.

      Delete
  3. දැන් තියෙන ලේට් නයිට් පැකේජ් පාඩුයි එකයි අවුල.

    ReplyDelete

ලිපිය පිළිබඳ ඔබගේ අදහස දක්වන්න(leave your comments)..